තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අංගොඩදී පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකුට තුවාල

    අංගොඩදී පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකුට තුවාල

    අංගොඩ හංදියේදී බස් රථයකට ගිනි තැබූ පිරිසක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද පහරදී පොලිස් ජිප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය අද පස්වරුවේ කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    එම වෙඩි තැබීමෙන් තුවාල තැබූ ලබා ඇත්තේ තරුණයෙක් වන අතර එම තරුණයා ඒ අසල නිවසක පදිංචිකරුවෙක් බව ගම්වැසියන් කියති. මෙම සිදුවීමට කිසිසේත් සම්බන්ධ කමක් නොමැති එම තරුණයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ සහ මුල්ලේරියාවේ වැසියන් පොලීසියට සිය විරෝධය මේ වන විට දක්වමින් ඇත.

    මෙසේ ගිනි තබා ඇත්තේ කුරුණැගල සිට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් රැගෙන ආ බස් රථයකි.

    එම බස් රථය ඊයේ සවස අඹතලේ පිහිටි ඉන්ධන පිරවුම් හල ආසන්නයේ නවතා සිටියදී පිරිසක් විසින් ඊට පහරදී හානිකර තිබේ. එම අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරු සහ කොන්දොස්තර පමණි. ඔවුන්ටද පහරදී පළවා හැර ඇති බව කියයි.

    අද සවස එම බස් රථය හමුදාවේ පිරිසක් ආපදා රථයකින් කොළඹ දෙසට රැගෙන එමින් තිබියදී අංගොඩ හංදියේදී යතුරු පැදිවලින් පැමිණි පිරිසක් කණ්ඩායමක් එය නවතා බස් රථය ඔවුන් භාරයට ගෙන තිබේ. ඒ අය අතර තරුණියන්ද සිට ඇත. අනතුරුව මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට කළ උත්සහයේදී බස් රථයට ගිනි තබා ඇත.

    එහිදී පොලීස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද පහරදී පොලිස් ජිප් රථයද ගිනි තැබීමට කළහාකාරී පිරිස් උත්සහ දරා තිබේ. පොලිසිය විසින් වෙඩි තබා ඇත්තේ අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img