තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශබන්දුට පහරදුන් දෙකක් අල්ලයි

    දේශබන්දුට පහරදුන් දෙකක් අල්ලයි

    දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පුද්ගලික සහකාර පොලිස් අධිකාරී දසනායක මහතා සමඟ අරලියගහ මන්දිරය දෙසට පෙරහැර මාවත ඔස්සේ බේරේ වැව පැත්තෙන් ගමන් කර නැවත පැමිණෙන අතර තුර ඔහු ගමන් කරමින් සිටි කැබ් රථය නතරකර ඔහුව බිමට බස්සවා මෙම පහරදීම කර තිබුනේ අද පෙරවරුවේදීය.

    එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා දිව ගොස් සිය දිවි බේරාගන්නා අතර පුද්ගලික සහකාරවරයාටද කළහාකාරීන් විසින් පහරදෙනු ලැබීය.

    අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා ගමන් කළ වාහනයට පහරදී හානිකර ගිනි තැබීමට ද එම පිරිස උත්සහ දරා තිබේ.

    එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අහසට වෙඩි තබමින් ගිනි තැබීමට පෙර කැබ් රථය බේරාගෙන ඇත.

    පහරකෑමට ලක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හිසට තුවාල සිදුව ඇති අතර පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු කණ්ඩායමක් ඔහු නවාතැන් ගෙන සිටින ආරක්ෂක ස්ථානයකදී ප්‍රතිකාර කර තිබේ. හිසට මැහුම් 05 ක් පමණ දමා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img