තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුද හමුදාපතිට - පොලිස්පතිට කැඳවීමක්

    යුද හමුදාපතිට – පොලිස්පතිට කැඳවීමක්

    යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහත්වරුන්ට
    හෙට(11) පෙරවරු 10.00 ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරන්නේ ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට බළාපොරොත්තු වන බවයි.

    ඇය පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි.

    මේ අතර , රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවද එම කොමිසම සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img