තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන ගායන ශීල්පියකු සමුගනී

    ප්‍රවීන ගායන ශීල්පියකු සමුගනී

    ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

    ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්ය.

    විජයන්ත මහතා මියයන විට 77 වන වියෙහි පසුවිය.

    හෝ කවුද මේ,පෙම්පාට දේදුන්න,මේ මල් පොකුරේ ඔබ සුවඳයි,ස⁣ඳේ ආලෝක ධාරව මම වේ,සඳ මංගල නෞකාවේ,කුරුල්ලෝ පියඹා ඇවිදින් වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් ගායනා කර ඇත.

    වික්ටර් විජයන්ත මහතා 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක වූ ජනප්‍රිය ගායන ශිල්පියකි.

    විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටාවාහිදී සිදුකිරිමට නියමිතය.

     

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img