තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිවිධ හමුදාව රට පුරා ස්ථානගතයි.. ජනතාව සන්සුන් වන්න- යුද හමුදාපති

    ත්‍රිවිධ හමුදාව රට පුරා ස්ථානගතයි.. ජනතාව සන්සුන් වන්න- යුද හමුදාපති

    රටේ මේ වනවිට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව රට පුරා ස්ථානගතවී සාමය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් කළහකාරී ලෙස නොහැසිරෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    යුද හමුදාපතිවරයා අවධාරණය කරන්නේ මේ මොහොතේ පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට සාමය ආරක්ෂා කරගැනීමට ජනතාවට සහය වන ලෙසයි.

    “ඊයේ උදෑසන ගාලුමුවදොර සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව රටේ ජනතාව කලහකාරී ලෙස විවිධ ප්‍රදේශවල දී සමහර පුද්ගලයන් ඉතාම කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා. ඒ සමගම රජය විසින් මේ වන විට දිවයින පුරාවටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ සිදුවීමෙන් අනතුරුව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවනු ලැබුවා. මේ අනුව ඒ අවස්ථාවේ පටන් මේ දක්වා ත්‍රිවිධ හමුදාව රටේ ජනතාවත් රටේ ජනතාවගේ දේපළත් ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා ස්ථානගත වී තිබෙනවා.

    රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද දිනයේත් මේ වන විට දිවයින පුරා ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අපි ඉතාම ඕනෑකමින් ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ නීතියට ගරු කරලා මේ අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙන්නේ නැතුව සිටින්න. අපි සාමය පවත්වාගෙන යාම සඳහා රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගයක් වන්න වන්න. රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.” යැයිද යුද හමුදාපතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img