තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිඥ සංගමයේ යෝජනා ගැන ජනපති සළකා බලයි

    නීතිඥ සංගමයේ යෝජනා ගැන ජනපති සළකා බලයි

    පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමඟ අද (08) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    වර්තමාන තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කර ගැනිණ.

    එම යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක් කළ ජනාධිපතිවරයා එහිදී නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධානයට ලක් කරනු ලැබී ය.

    ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේදී සියලු යෝජනා කෙරෙහි අවධානය යොමුවිණ.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි යන මහත්වරු ඇතුළු විධායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img