තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද දීපව්‍යාප්ත හර්තාලයක්

    අද දීපව්‍යාප්ත හර්තාලයක්

    ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි.

    ඊට සහාය පළ කරමින් පෞද්ගලික සහ රාජ්‍ය අංශවල ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

    අද ක්‍රියාත්මක කෙරෙන හර්තාලයට සමගාමීව උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරෙන නමුත් දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ රාත්‍රි සිට හර්තාලයට සහය දක්වමින් රාජකාරිවලින් ඉවත් විය.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියාමක, රියදුරු ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති හර්තාලයට සහය නොදක්වන බැවින් අදට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

    පෞද්ගලික බස් සංගම් මීට සහභාගි වන නමුත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img