තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු සතියේ ඩෙංගු රෝගීන් දහසක්

    ගෙවුණු සතියේ ඩෙංගු රෝගීන් දහසක්

    පසුගිය සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,102 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එම රෝගීන්ගෙන් 207 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

    එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 121 දෙනෙකු හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් 112 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවෙිදනය කරයි.

    එමෙන්ම මෙම වසරේ ගතවූ මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 17,405 දෙනෙකු වාර්තාවී ඇතැයිද එම ඒකකය සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img