තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලැයිස්තුවක් නැතුව ලතවෙච්ච අත්‍යවශ්‍ය භාණ්ඩවලට ඉදිරියේදි උපරිම මිලක්

    ලැයිස්තුවක් නැතුව ලතවෙච්ච අත්‍යවශ්‍ය භාණ්ඩවලට ඉදිරියේදි උපරිම මිලක්

    ඉදිරියේදි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ සඳහන් කරයි.

    රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීමට නොහැකි වූ බවයි.

    ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img