තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රකට සටන් නළු විල්සන් කරූ දිවි සටනට සමු දෙයි

    ප්‍රකට සටන් නළු විල්සන් කරූ දිවි සටනට සමු දෙයි

    ප්‍රවීන රංගන ශිල්පී ප්‍රකට සටන් නළු විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත විය.

    විල්සන් කරූ ලෙස සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට ප්‍රාප්තව සිටි විල්සන් කරුණාරත්න මහතා මිය යන විට 79 වන වියේ පසුවිය.

    චිත්‍රපට 250 කට වැඩි ප්‍රමාණයකට සිය රන්ගනයෙන් දායකත්වය ලබාදී ඇති විල්සන් කරුණාරත්න මහතා සිනමා දිවියට පිවිසනේනේ 1974 වසරේදීය. ඒ හදවත් නැත්තෝ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දෙමිනි.

    චිත්‍රපටවලට අමතරව ටෙලි නාට්‍ය 15කට වැඩි ගණනකටද රංගනයෙන් දායකත්වය ලබාදී ඇති විල්සන් කරුණාරත්න මහතා අවසානයට රඟපෑ චිත්‍රපටය වූයේ 2019 වසරේ රූගත කෙරුණු “තිත්ත ඇත්ත“ චිත්‍රපටයටයයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img