තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආර්ථික අර්බුදයෙන් බැටකන අඩුආදායම් ලාභීන්ට සහනයක්

    ආර්ථික අර්බුදයෙන් බැටකන අඩුආදායම් ලාභීන්ට සහනයක්

    රට තුළ දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත් වී සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

    ඒ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.

    රට තුළ දැනට උද්ගතව පවත්නා ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු හා ආබාධිත දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල් දැඩි අපහසුතාවකට ලක් වී ඇති බැවින් එම පවුල් සහ එම දීමනා ලබා ගැනීම පිණිස පොරොත්තු ලේඛනවල සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත.

    ලෝක බැංකු සමූහයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අවිනිශ්චිත හදිසි ප්‍රතිචාර සංරචකයන් මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට එකඟතාව ලැබී තිබේ.

    ඒ අනුව, හඳුනාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහන සැලසීම පිණිස විශේෂ මුදල් දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img