තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කඩිනම් ආයෝජන සොයන්න අමාත්‍ය අනුකමිටුවක්

    කඩිනම් ආයෝජන සොයන්න අමාත්‍ය අනුකමිටුවක්

    රටතුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස කඩිනමින් ආයෝජන ආකාර්ශනයකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සභාපතීත්වයෙන් යුත් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

    ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍ය දිලුම් අමුණුගම, බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර, වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්වරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කෙරනුයේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුවය.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    රට තුළ දැනට පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් කඩිනමින් විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකියාව පවතින ආයෝජන අවස්ථාවන් හඳුනා ගැනීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    • ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මැතිතුමා
      ජනමාධ්‍ය අමාත්‍ය – (සභාපති)

    • ගරු දිලුම් අමුණුගම මැතිතුමා
      ප්‍රවාහන අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය

    • ගරු කංචන විජේසේකර මැතිතුමා
      බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය

    • ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
      වරාය හා නාවික අමාත්‍ය

    • ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා
      නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img