තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා කෙටුම්පත අධ්‍යනයට අමාත්‍ය අනුකාරක සභාවක්

    නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා කෙටුම්පත අධ්‍යනයට අමාත්‍ය අනුකාරක සභාවක්

    නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා කෙටුම්පත අධ්‍යනයකර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක් පත්කිරීමට තීරණය වී තිබේ.

    ඒ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට 2020-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

    අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත එම අනුකාරක සභාවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ අනුව, එම කමිටුවේ මූලික වාර්තාව 2022-04-25 දින අතිගරු ජනාධිපතිතුමා වෙත භාර දී ඇත. එකී වාර්තාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

    • ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා
      විදේශ කටයුතු අමාත්‍ය – (සභාපති)

    • ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
      රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    • ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
      ධීවර අමාත්‍ය

    • ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මැතිතුමා
      අධ්‍යාපන අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය

    • ගරු අලි සබ්රි මැතිතුමා
      මුදල් අමාත්‍ය සහ අධිකරණ අමාත්‍ය

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img