තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ප්‍රවාහනයේ යෙදෙන ටැංකිවලට වර්ජකයන්ගෙන් බාධා

    ඉන්ධන ප්‍රවාහනයේ යෙදෙන ටැංකිවලට වර්ජකයන්ගෙන් බාධා

    වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලියට ගත් ටැංකි සේවකයන් බෙදාහැරීම ආරම්භ කර ඇති ඉන්ධන ටැංකි ප්‍රවාහනයට බාධා කරන අයුරු දක්නට ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේ‍ේකර මහතා පවසයි.

    ඉන්ධන බෙදා හැරීම සඳහා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්ත සහ ඩිපෝවල මෙහෙයුම් සිදු කෙරෙන බව අමාත්‍යවරයා කියාසිටී.

    ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය, රජය සතු සහ බෙදාහරින්නන් සතු ටැංකි යොදා ගන්නා බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

    ලංකා ඛනිජ තෙල් බවුසර් හිමියන්ගේ සංගමය ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තම ප්‍රවාහන ගාස්තු ඉහළ දමන ලෙසට බලකරමින් ලංකා ඛනිජ තෙල් බවුසර් හිමියන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img