තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට මැයි දිනය ගෙනා පුරෝගාමියාට උපහාර පිදේ

    ශ්‍රී ලංකාවට මැයි දිනය ගෙනා පුරෝගාමියාට උපහාර පිදේ

    ශ්‍රී ලංකාවේ මැයි දිනයක් පැවැත්වීමේ පුරෝගාමියා වූ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ 131 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ගුණසිංහපුර පිහිටි ඒ මහතාගේ පිළිරුවට පු‍ෂපෝපහාර දැක්වීම ලෝක කම්කරු දිනය යෙදෙන අද දින සිදුවිය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි රැලිය 1928 දී පවත්වන ලදී.

    එදා එයට නායකත්වය දුන්නේ මහනුවර සිට කොළඹට සංක්‍රමණය වී ජාතික ආගමික සහ සමාජමය මෙහෙවරට දායක වූ ඒ. ඊ. ගුණසිංහ මහතා ය.

    ඔහු ලංකාවේ කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා ය.

    සුවිශේෂී කරුණ වන්නේ මෙරට කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා වන ඒ. ඊ. ගුණසිංහ මහතා උපත ලබා ඇත්තේ ද මැයි දිනයක හෙවත් මැයි පළමුවැනිදාවක වීමය.

    එය දෛවෝපගත සිදුවීමක් වූවා නිසැකය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img