තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ප්‍රවාහනය පිළිබඳ රජයෙන් නව පියවර රැසක්

    ඉන්ධන ප්‍රවාහනය පිළිබඳ රජයෙන් නව පියවර රැසක්

    ඉන්ධන ප්‍රවාහනය සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව නව මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වේ.

    (අ) ග්‍රාමීය ඩිපෝ වෙත දුම්රිය ඉන්ධන ප්‍රවාහන ධාරිතාව 40% සිට 100% දක්වා වැඩි කිරීම.
    (ආ) නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මාස 1 සිට සති 1 දක්වා කඩිනම් කිරීම.
    (ඇ) ඉන්ධන පිරවුම්හල් හිමියන් එකතු කරන බවුසර් සඳහා වෙනම මාර්ගයක් වෙන්කිරීම.
    (ඈ) ඉදිරි දින 2 තුළ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන ඉන්ධන ප්‍රවාහනය කරන්නන්ගේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීම, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ සේවයට වාර්තා කිරීම වළක්වන පුද්ගලයින්ගේ බලපත්‍රය අවලංගු කිරීම.
    (ඉ) දෛනිකව ක්‍රියාත්මක කිරීමට ඇති රජය සතු බවුසර්වල ධාරිතාව සහ සංඛ්‍යාව වැඩි කිරීම.
    (ඊ) අවශ්‍යතා සපුරාලීම සඳහා පර්යන්තවලින් ඉන්ධන සැපයීම සඳහා පැය 24 පුරා මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img