තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් මිල ගණන් ප්‍රදර්ශනය කරන්න නියෝගයක්

    මත්පැන් මිල ගණන් ප්‍රදර්ශනය කරන්න නියෝගයක්

    දේශීයව නිෂ්පාදන කරන මත්පැන්වලට අදාළ සංශෝධිත ගාස්තු අලෙවිසැල්වල වහාම ප්‍රදර්ශනය කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සියලුම මත්පැන් අලෙවිසැල් හිමියන්ට දැනුම් දී තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඇතැම් අළවිසැල්වල නියමිත මිලට වඩා වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

    ඒ අනුව අදාළ සංශෝධිත මිල ප්‍රදර්ශනය නොකරන මත්පැන් අළවිසැල් හිමියන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img