ලබන සතිය දේශපාලන වශයෙන් මෙරට තීරණාත්මක සතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ පවතින ආර්ථික අර්බුදය මත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග එකක් පමණක් නොව දෙක තුනක්ම ගෙනඒමට සමගි ජනබලවේගය සූදානම් බවයි.
දින 6ක් පුරාවට එම පක්ෂය විසින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතා පාගමනේ සිව්වැනි දිනය වන අද දිනයේදි ජනතාව අමතමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මේ බව කීය.
රට දිනවන ගමනේ තීරණාත්මක සතියක්! විශ්වාසභංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට. #NoConfidenceMotionLKA pic.twitter.com/uQ2npHkLka
— Samagi Jana Balawegaya (@sjbsrilanka) April 30, 2022