fbpx
තවත්
    මුල් පිටුවspecialජරමර මැද ජර්මනිය රූබල්වලින් රුසියානු ගෑස් මිලටගන්න සැරසෙයි

    ජරමර මැද ජර්මනිය රූබල්වලින් රුසියානු ගෑස් මිලටගන්න සැරසෙයි

    ජර්මනියේ ප්‍රමුඛ පෙළේ බලශක්ති සමාගමක් විසින් රුසියාවෙන් රූබල් මුදල් ඒකකයෙන් ගෑස් මිලදී ගැනීමට තීරණය කර ඇත.

    ඒ අනුව යුනිපර් සමාගම විසින් පවසා ඇත්තේ තම සමාගම විසින් රූබල් වලට පරිවර්ථනයට කරගත හැකි ආකාරයට ගෙවීම් සිදු කිරීමට සූදානම් බවයි.

    යුනිපර් සමාගමේ මෙම තීරණයත් සමඟම යුරේපයේ අනෙකුත් බලශක්ති සමාගම් විසින්ද රූබල් වලින් ගෙවීම් කරමින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සූදානම් වී ඇති බවද වාර්තා වේ.

    ඒ අනුව තමන්ට වෙනත් මාර්ගයක් නොමැති බවත් යුරෝපා සංගමය විසින් රුසියාවට පැනවූ සම්බාධක වලට අදාල රෙගුලාසි උල්ලංඝණය නොකරමින් ඉන්ධන මිලදී ගැනීම තමන් විසින් සිදු කරන බවද එම සමාගම පවසයි.

    “අපිට ඇත්ත වශයෙන්ම කෙටිකාලීනව රුසියාව නොමැතිව කටයුතු කිරීමට කිසිම හැකියවක් නැහැ. අපි එලෙස නොකළහොත් අපේ ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්.” යනුවෙන්ද ඔවුන් පවසා ඇත.

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම යුරොපා සංගමය දැඩි සම්බාධක පැනවූ අතර එහිදී රුසියාව සමඟ අන්තර්ජාතික ගණුදෙනු කිරීම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය. එහිදී රුසියාව සම්බාධකවලට පිළිතුරු වශයෙන් තමන්ගෙන් මිලදීගන්නා ගෑස්වලට රූබල් වලින් මුදල් ගෙවිය යුතු බවට දැණුම් දුන්නේය.

    මේත් සමඟ බොහොමයක් යුරෝපා රටවල් ගෑස් මිලදී ගැනීමට රුසියාවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දුන්හ.

    ඒ අනුව රුසියාව විසින් මීට පිළියමක් හදුන්වාදුන් අතර එහිදී ස්විට්සර්ලන්තයේ පිහිටි රුසියාවට අයත් ගැස්ප්‍රොම් බැංකුවේ රූබල් සහ විදේශ ව්‍යවාහාර මුදල් ගිණුමක් ආරම්භ කර එමගින් මුදල් ගෙවීම කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ප්‍රධානී සිය දැඩි අවදානය යොමු කර ඇති අතර එහිදී සමිබාධක උල්ලංඝණය නොවන ආකාරයට ගෙවීම් කළහැකිය යන්න යම් ගැටලුකාරී බවද ඇය පෙන්වා දී තිබේ.

    මේ අතර පොල්න්තය සහ බල්ගේරියාව විසින් රුසියාවෙන් රූබල් ගොවා ඉන්ධන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඒත් සමඟම රුසියාව විසින් එම රටවල් වලට ඉන්ධන සැපීයම නවතා දැමීමට පියවර ගනු ලැබීය.

    එසේම පෝලන්තය පවසා සිටියේ රුසියාවෙන් රූබල් ගෙවා ඉන්ධන ලබාගන්න රටවල් වලට එරෙහිව ක්‍රියාත්මක වියයුතු බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.