තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් 14ක් පත්කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් 14ක් පත්කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් නෙදර්ලන්ත කණඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රූක්ස් මාර්තු මස 07 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

    දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රූක්ස් එම තනතුරට අමතරව සෙසු සිය සියලුම ජාතික කණ්ඩායම්වල මෙන්ම ඉහල කාර්යසාධන මධ්‍යස්ථානයේ පන්දු රැකීම පිළිබඳ කටයුතු ද භාරව සිටී.

    ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනත් සහය පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බිත් පත්කර තිබේ.

    ජාතික කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වූ රුවන් කල්පගේ නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත.

    වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කර තිබේ.

    මේ අතර දේශීය ක්‍රිකට් තරගාවලි රැසක ශූරතා දිනා දීමට සමත් පුහුණුකරුවකු ලෙසින් සැලකෙන හිටපු ටෙස්ට් ක්‍රීඩක ගයාන් විජේකෝන් ද අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඔහු පසුගිය නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තිළිණ කණ්ඩම්බිගේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කළේය.

    මේ අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන සම්පත් පෙරේරා එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින්ද කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img