fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධීවර බහුදින යාත්‍රා 5000 ක් පමණ වරායවල ගාල්කරලා

    ධීවර බහුදින යාත්‍රා 5000 ක් පමණ වරායවල ගාල්කරලා

    ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සදහා යොදාගන්නා බහු දින යාත්‍රා 5000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදු නොගොස් වාරයවල ගාල්කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

    ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තම ධීවර යාත්‍රා මුහුදට දියත් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද එම සංගමය සදහන් කරයි.

    ජාත්‍යන්තර මුහුදෙන් අල්ලා ගෙන මෙරටට ගෙනවිත් විදෙස් රටවල් වලට මාළු අපනයනය කිරීම තුළින් පසුගිය වසර තුළ පමණක් ඩොලර් මිලියන 380 ක ප්‍රමණයක් උපයාගෙන ඇතැයිද එම සංවිධානය පවසයි.

    මුහුදු නොගොස් වරායවල ගාල් කිරීම හේතුවෙන් බහු දින යාත්‍රා වල සේවය කළ ධීවරයින් සහ ආශ්‍රිත රැකියාවල නිරත වූ ලක්ෂ 02 ක පමණ ජනතාවක් මෙම තත්ත්වය හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇති බවද සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.