තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පති මානව හිමිකම් කොමිසමට කී දේ..

    රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පති මානව හිමිකම් කොමිසමට කී දේ..

    විරෝධතා පාලනය කිරීමට තුවක්කු භාවිත නොකරන ‍ලෙස තමන් උපදෙස් දී තිබියදී රඹුක්කන වෙඩි තැබීම සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසා තිබේ.

    රඹුක්කන ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබුණි.

    රඹුක්කන සිද්ධියේදී ටී 56 වර්ගයේ ගිනි අවි 4ක් හා උණ්ඩ 35ක් භාවිත කර ඇති බව අධිකරණයේදී හෙළිවී ඇත.

    ඉන්ධන ඉල්ලා රඹුක්කන නරගයේ ජනතාව අතර පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබීය.

    පොලිස් නිලධාරීන් 15 දෙනෙකු හා සිවිල් පුද්ගලයන් 14 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වේ.

    සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

    පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව අනුයුක්ත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img