තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරයට තෙවසර සිහිකර මැතිසබය නිහඬ වෙයි

    පාස්කු ඉරිදා ප්‍රහාරයට තෙවසර සිහිකර මැතිසබය නිහඬ වෙයි

    මීට තෙවසරකට පෙර අද වැනි දිනෙක පැවති පාස්කු ඉරිදාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනා සිහිපත් කරමින් පාර්ලිමේන්තු සභා ගර්භභය තුළ විනාඩියක නිශ්ශබ්දතාවයක් පළකළේය.

    ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් පරිදි ය.

    2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වූ‍ දේවස්ථාන කිහිපයක් ඇතුළු සුපිරි හෝටල් කිහිපයකට ද අන්තවාදී ත්‍රස්ත කල්ලියක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් ජීවිත 259ක් අහිමි විය. 500ක් පමණ තුවාල ලැබීය.

    කොළඹ කොච්චික‌ෙඩ් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ පමණක් නොව කොළඹ හෝටල් කිහිපයකට මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. එහි විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

    මෙවර පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණේ පසුගිය 17 වැනිදා ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img