තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජර්මනිය රුසියාවේ ඉන්ධන එපා කියයි

    ජර්මනිය රුසියාවේ ඉන්ධන එපා කියයි

    රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීම මෙම වසර අවසන් වන විට නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ජර්මනිය පවසයි.

    ඒ අනුව ජර්මානු විදේශ අමාත්‍යවරිය වන ඇනලීනා බෙයබොක් සහ බොල්ටික් රාජ්‍යවල සාමාජිකයන් එක්ව පැවැත්වූ සාකච්ඡාවක් අනතුරුව ඇය මේ බව අනාවරණය කර තිබේ.

    “මම ඉතාම පැහැදිලිව කියන්න කැමති ජර්මණිය සම්පූර්ණයෙන්ම රුසියානු ඉන්ධන සැපයුම මත රැදීමෙන් මිදෙන්න කටයුතු කරනවා” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.

    “අපි ගිම්හානය වන විට රුසියාවෙන් බොරතෙල් ආනයන කිරීම අඩුකින් අඩු කිරමටත් වසර අවසන් වන විට එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් බලාපොරොත්තු වෙනවා. පසුව යුරෝපා සංගම වශයෙන් සාමූහිකව රුසියානු ඉන්ධන මත යැපීමෙන් ඉවත්වන එක්ව ගමන් මඟක යෑමට බලාපොරොත්තු වෙනවා” ලෙසද ඇය වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.

    යුරෝපා කළාපය තුල රුසියානු ඉන්ධන මතැ වැඩිවශනේම යැපෙන රාජ්‍ය වන්නේ ජර්මණියයි. එරට සිය ගෑස් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් රුසියාවෙන් සපුරා ගැනීම සිදුකරයි. කෙසේ වෙතත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වීමත් සමඟ දැනටමත් සම්බාධක රැසකට මුහුණ දී සිටින රුසියාව මෙම නව තීරණ්‍ය යම් බලපෑමක් කිරීමටද ඉඩ පවතී.

    මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියාදා ප්‍රකාශ කර සිටියේ රට පොසිල ඉන්ධන බලශක්ති ක්ෂේත්‍රයේ භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරණ බවත්ය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img