තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදයෙන් ගොඩඑන පාර හොයන්න රජයේ සේවකයින්ට ආරාධනයක්

    අර්බුදයෙන් ගොඩඑන පාර හොයන්න රජයේ සේවකයින්ට ආරාධනයක්

    රටේ පවතින තත්ත්වයට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සකස් කරන අතර ඊට එක් වන්නැයි රජයේ සේවයේ වෘත්තිය සංගම්වලට ආරාධනා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    නිවැරදි තීරණ නිවැරදි වේලාවට නොගැනීම, මූල්‍ය විනය බිඳ වැටීම හා නුසුදුස්සන් තනතුරුවලට පත් වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික බිදවැටීම සිදුව තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.

    රාජ්‍ය නිලධාරීන්ට හා වෘත්තීයවේදීන්ට රටේ ගැටලු විසඳීමට සහය ලබාදීම අත්හළ නොහැකි වගකීමකැයිද එම සංගමය සඳහන් කරයි.

    ඉතා ඉක්මනින් මැදිහත් වී කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමටත් එම වචන යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් ඉදිරිපත් වන්නැයි වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img