fbpx
තවත්

    ගෝඨා ගෝ ගමට ගියෙමි

    ‍‟ගෝඨා ගෝ හෝම්” මේ දින වල වැඩියෙන්ම ඇහෙන වචන කිහිපයයි. ගාලු මුවදොර දෙසට යන ඕනෑම අයකෙුට ඇසෙන්නේ මේ වචන පමණයි කිව්වත් නිවැරදියි.

    ඉකුත් සෙනුරාදා සිට ගාලුමුවොරද සහ එයි ඉදිරිපිට පිහිටා තිබෙන පරණ පාර්ලිමේන්තුව හෙවත් ජනාධිපති ලේකම් කාර්යලය ජනතාවගෙන් පිරී ගොස් තිබේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට එරෙහි සටන්පාඨ සහ ජාතික ධජයන්ගෙන් පිරී තිබෙන මෙම බිමේ ඇත්තේ මෙතෙක් මෙරට අත් විදීමට නොහැකි වූ අමුතුම අත්දැකීමකි.

    ජනාධිපතිවරයා විසින් විරෝධතා කිරීමටම වෙන් කළ භූමිය මේවන විට ගෝඨාගෝ ගම නමින් නම් කළ ඇත. ඒ එහි කඳවුරු බැඳ සිටින මෙරට දහස් සංඛ්‍යාත වූ තරුණ ප්‍රජාව විසිනුයි.

    මෙතේ මෙරට ඉතිහාසයේ පැවති පැය කිහිපයකට පමණක් සීමා වූ විරෝධතා වලින් මෙය සමුපූර්ණයෙන්ම වෙනස්ව තිබේ. එහිද ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් සවි කළ කූඩාරම් වල වතුර බෝතලයේ සිට සනීපාරක්ෂක තුවා දක්වා වූ ඕනෑම දෙයක් ඇත.

    එම දුව්‍ය අවශ්‍ය ඕනෑම අයෙකුට රැගෙන යාමට හැකිය. මේම කූඩාරම් වල යමෙකුට තම ජංගම දුරකථනය චාජ් කරගැනීමට අවැසි නම් ඒවාට පහසුකම් ඇත. එමෙන්ම උණුවෙන් තේ තේ කොප්පයක් බීමට අවැසි නම් ඊටද පහසුකම් ඇත.

    එහෙත් මෙහිද ඇති විශේෂත්වය වන්නේ ඒ සියල්ල නොමිලේම සැපයෙන බැවිනි. මෙම ස්ථාන වලට නිරන්තරයෙන් ජනතාව ආහාර ගෙනැවිත් දෙයි. පානීය ජල බෝතල් පෙට්ටි පිිටින් ප්‍රධානය කරන අයුරු දැක ගතහැකිය.

    මේ අතර තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි නම් ඊටද අවස්ථාව පවතී එහිදී පැය විසි හතර පුරාම වෛද්‍යවරුන්ද ගිලන් රථයක්ද පවතින අතර එම මෙතක් නොදක්ක අලුත්ම අත්දැකීමක්ම විය.

    දිවා කාලයේ සෙමින් ගෙවී සන්ධ්‍යා කාලය පැමිණීමත් සමඟ අරගල භූමියේ නොම්බි අල්ලමින් නිරාහාරව සිිටි මුස්ලිම් ජනතාව නොම්බි අත්හැරීමට සිදු කරණ අතර ඊට අවශ්‍ය පහසුමක් සෙසු පිරිස සලසා දෙයි. එහිදී නෙම්බි අත්හැරීමට අවැසි රට ඉඳි සිංහල බෞද්ධ සහෝදරයින් සපයන අතර ඔවුන් අතර වතුර බෝතලය දෙන්නේද මෙම සහෝදරත්වයෙන්මය.

    ගාලුමුවදෙර පිටියට මත්තෙන් සයුරේ හිරු ගිලෙනවාත් සමඟම ජනතාව කෙමින් කෙමින් වීදයට ඇදෙන අයුරුත් ගෝඨා ගෝ හෝම් හඬ වැඩියෙන් ඇසෙන්න පටන් ගන්නා අතර විදියේ ගමන් කරණ රථ වාහන සිය නලා හඬින් ඊට සහය පළකරන හැටිද හරිම අපූරු අත්දැකීමක්ම විය.

    රාත්‍රිය ලඟාවත්ම ඇඳහැලුණු මහා වර්ෂාව විරෝධතාකරුවන් කිසිවෙකු සෙලවීමට අපහෙසත් වූ අතර තෙත් බරිත ඔවුන් ගාලුමුදොර දෙරදුම් කෑ අකුණු සැර පරදවින් සිය හඬ සටන්පාඨ කියනු ඇසීම මහා අරගලයේ ශක්තිමත් බව යලිත් පසක් කරන්නක්ම විය
    මහා වැස්සට තෙත්වූ ඇදුම් සීතලට ඇතැමුන් වෙවුලුවද ඔවුන්ගේ ඇස්වල වූ තියුණු බවේ කිසිම අඩුවක් නොමැති වූ අතර ඔවුන්ගේ ශක්තිය ධෛරයක් වෙමින් තවත් පිරිසක් උණු තේ කෝපි බෙදන අයුරු මෙරට තාරුණය කෙතරම් ශක්තිමත්දැයි මානව කියාපායි.

    මෙලෙස ගාලු මුවදොර පුරා ඇසෙන සටන්පාඨ රැය පහන් වනතුරුම නොනැවතී පැවත්වෙන අතර මෙහි ජය පරාජය කුමක් වුවත් වසර ගණනක් ජාති ආගම් පාට වලට බොදා වෙන්කර තම පටු දේශාපලන අරමුණු ඉටුකරගැනීමට වෙහෙස වූ දේශපාලන යුගය අදවන විට සම්පූරණයෙන්ම පරාජය කර ඇති බව නම් ඇස්පනාපිට පෙනෙන සත්‍යක් වී හමාරය.

    නුවන් සේනාරත්න අරගල බිමේ සිට

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.