තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණයට උදව් ඉල්ලයි

    ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණයට උදව් ඉල්ලයි

    ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි  බලශක්ති අමාත්‍යාංශය තම අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවය.

    ඊට අදාළව ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img