තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට හවුල්කාර පක්‍ෂ 11 අත්සන් නෑ

    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට හවුල්කාර පක්‍ෂ 11 අත්සන් නෑ

    සමඟි ජනබලවේගය විසින්
    ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 පවසනවා.

    එම පක්ෂ 11 නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ ඇතැම් බලවේග මෙවන් අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ මැතිවරණයකට යාමේ අපේක්‍ෂාවෙන් බවයි. 

    මෙවන් වකවානුවක එලෙස විශ්වාසභංගයක් ගෙනඑමෙන් රට තවත් අරාජික වන බවත් රට අරාජික වන කිසිදු යෝජනාවක ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකග නොවන බවත් ඔහු සඳහන් කළා.

    මේ අතර පසුගිය දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කළේ විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධයෙන් කිසිවකු තමන් සමඟ සාකච්ඡා කර නැති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img