තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික්ක 8කට නායයාමේ අවදානමක්

    දිස්ත්‍රික්ක 8කට නායයාමේ අවදානමක්

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රදේශ ගණනාවකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ මොහොතේ සිට මෙම අනතුරු ඇඟවීම හෙට (11) වැනි දින දහවල් 1 දක්වා කාලය සඳහා වලංගු වන බවයි.

    ඒ අනුව වඩාත් සැලකිලිමත් විය යුතු බවට නායයාමේ, පස්කඳු කඩාවැටීමේ, ගල් පෙරළීමේ ඉඩ ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ පහත ප්‍රදේශ සඳහා ය.

    කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක.

    කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට

    බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල, හාලිඇල සහ වැලිමඩ.

    මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ උඩදුම්බර.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, වරකාපොළ සහ යටියන්තොට

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල සහ රිදීගම.

    මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, රත්තොට සහ උකුවෙල.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ වලපනේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img