තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුරාවස්තු සොයා කැණිම් කළ 11ක් අල්ලයි

    පුරාවස්තු සොයා කැණිම් කළ 11ක් අල්ලයි

    පුරාවස්තු සෙවීමේ අරමුණින් හපුතලේ විහාරගල රක්ෂිතයේත් ආරච්චිකට්ටුව මානචේරියේ පුද්ගලික ඉඩමකත් කැනීම් කළ 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    විහාරගල රක්ෂිතයේ කැණීම් කටයුතුවල නිරතව සිටි පිරිස සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. එහිදී සැකකරුවන් 05 දෙනෙක් සමඟ කැණීම් උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් 05 දෙනො අවුරුදු 24ත් 59ත් අතර වයස්වල පසුවන වැලිමඩ හා අඹගස්දෝව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    ආරච්චිකට්ටුව මානචේරියේ පෞද්ගලික ඉඩමක කැණිම් කටයුතු කළ පිරිස සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත්තේ හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ටය.

    එහිදී සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන කැණිම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 22ත් 59ත් අතර වයස්වල පසුවන රාජකදළුව, බඹරපාන හා හලාවත පදිංචිකරුවන්ය. ඔවුන් ද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img