තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු පෙරහර මංගල්‍යය මෙවරත්

    රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු පෙරහර මංගල්‍යය මෙවරත්

    උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවරත්, පුරාණ වාරිත්‍රවලට අනුව රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වන අලුත් අවුරුදු මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව 2022 අප්‍රේල් මස 13 වන දින පුණ්‍ය කාලයට පෙර කිරි උතුරුවා රුහුණු මහා කතරගම දේවාලයේ දොරටු වසා තැබෙනු ඇත.

    නැවත 2022 අප්‍රේල් මස 14 වන දින සවස 2.00 පමණ යෙදෙන සුබ මෙහොතින් දොරටු විවෘත කොට, එදින සන්ධ්‍යාවේ අවුරුදු පෙරහැර පවත්වනු ලබයි.

    ඉන් අනතුරුව දැකුම් තැබීමේ චාරිත්‍රය ඉටු කරනු ලබන බව රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන ලේකම් එල්.විමලරත්න මහතා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img