තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේදී ඩොලර් මිලියන 1800ක් ඉක්මවූ ආයෝජන යෝජනා ඇවිත්

    මේ වසරේදී ඩොලර් මිලියන 1800ක් ඉක්මවූ ආයෝජන යෝජනා ඇවිත්

    මේ වසරේ පලමු කාර්තුව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 ක ආයෝජන ඇතුළත් යෝජනා 33ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

    එම ආයෝජන අතර ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත සැපයුම් හා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ආදී ව්‍යාපෘති ඇතුලත්ව තිබෙන බවද ආයෝජන මණ්ඩලය කියයි.

    මේ වසරේ පළමු කාර්තුව තුළ ලැබුණු ආයෝජන ප්‍රමාණය ඉකුත් 2021 වසරේ ලැබුණු ආයෝජන ප්‍රමාණයට වඩා 80% ක් ඉහළ යාමක් බවද එම මණ්ඩලය කියයි.

    වසංගත සහ අස්ථාවර ආර්ථික තත්ත්වයන්හි බලපෑම නොතකා නවතම ආයෝජන පහසුකම් ආකර්ෂණය කර ගැනීමට හා ව්‍යාපෘති පුළුල් කර ගැනීම උදෙසා ඉදිරිපත් කළ වැඩපිළිවෙල හේතුවෙන් ලංකාවට වැඩි වැඩියෙන් ආයෝජන අවස්ථා ගලා එමින් තිබෙන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img