තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දට ගමේ යන්න මෙවර විශේෂ දුම්රිය වාර නෑ

    අවුරුද්දට ගමේ යන්න මෙවර විශේෂ දුම්රිය වාර නෑ

    මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට පෙර වසරවල මෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ
    දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවයි.

    ඒ අනුව විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

    පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40 ක් පමණ ධාවනයේ යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සේවය ලබාගෙන බවත් විශ්‍රාමික නියමකයන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img