තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අවුරුද්දේ සිරකරුවන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

    අලුත් අවුරුද්දේ සිරකරුවන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

    සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ලබන 12 වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා වි‍ශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

    මෙහිදී එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම කටයුතු සිදු කරනු ලබන අතර සිරකරුගේ ඥාතියෙකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගල‍ෙකුට 12 වන දින සිට 16 වන දින දක්වා කාලසීමව තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000ක මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 1000ක මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදුකිරීමට හැකියාව පවතී.

    මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන එමට අපහසු අමුත්තන් සඳහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවක දී බත් පාර්සලයක් සිරකරුට ලබාදිය හැකියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img