තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ICTA සභාපති ඉල්ලා අස්වෙයි

    ICTA සභාපති ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ධූරයෙන්  ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

    සිය ඉල්ලා අස්වීම ගිය සතියේ නිල වශයෙන් භාරදුන් බව ඔහු පවසයි.

    වසර 2 හමාරකට ආසන්න කාලයක් රටේ ආර්ථික ප්‍රබෝධය සඳහා හොඳම මාර්ගය යැයි තමා තරයේ විශ්වාස කරන සිය පෞද්ගලික අංශයේ රැකියාවෙන් විරාමයක් තබන බව හෙතෙම කියාසිටී.

    පසුගිය දෙසැම්බරයේ තමා විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ඉවත් වීම ද මේ මාසය අවසානයේ සිට ක්‍රියාත්මක වනු ඇති බව ඔහු සඳහන් කරයි.

    තමාගේ ඉල්ලා අස්වීමේ තීරණය ඉදිරි පරම්පරාව සක්‍රීය කිරීම සඳහා පියවරක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තමා ධුරයේ සිටි කාලයේදී සඳහා ලබා දුන් සියලු දෙනාට ඕෂධ සේනානායක මහතා තුති පුද කර සිටියි.

    “මට කණගාටුයි මට මීට වඩා දෙයක් කිරීමට නොහැකි වීම ගැන. නමුත් තත්වයන් එහෙමයි. මම හැමවිටම කිව්වා වගේම මම විශ්වාස කරන මගේ ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම වෙනුවෙන් මම දැඩි ලෙස පෙනී සිටිමි.” යනුවෙන් ද ඔහු මේ බව දන්වා පළකරන ලද සටහනක දැක්වේ.

    මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්සැප්, ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අවහිර කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img