තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි කප්පාදු කාලය අවම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    විදුලි කප්පාදු කාලය අවම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

    නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් විදුලිය කප්පාදු කරන කාලය හෙට (03) සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

    විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

    ඒ අනුව හෙට (03) සිට විදුලිය කප්පාදුව අවම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අග්‍රාමාත්‍යවරයා වෙත විශ්වාසය පළ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img