තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේදී වාහනවලට ගිනි තබමින් කලහාකාරී වූවන්ගෙන් 54 ක් අත්අඩංගුවට

    මිරිහානේදී වාහනවලට ගිනි තබමින් කලහාකාරී වූවන්ගෙන් 54 ක් අත්අඩංගුවට

    මිරිහානේදී කලහාකාරී ලෙස හැසිරෙමින් දේපොලවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 54 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    යුද හමුදාවට අයත් බස් රථයක්, පොලීසියට අයත් බස් රථයක්, පොලිස් ජිප් රථයයක්, ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදි දෙකක් කලහාකාරීන් විසින් ගිනි තබා විනාශ කර ඇතැයිද නිහාල් තල්දූව මහතා පැවසීය.

    ඊට අමතරව පොලීසියේ කැරලි මර්දන ජල ප්‍රහාරක රථයටද පහරදී හානිකර ඇති බවද ඔහු කීය.

    සිවිල් වැසියන්ගේ දේපොලවලටද හානි සිදුව ඇති අතර තාප්පයක් කඩා ආරක්ෂක අංශ වෙත පහරදීමට ගඩොල් ලබාගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    මෙම පහරදීම සහ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ආරක්ෂක කැමරා සහ එම අවස්ථාවේදී සිදුවීම් රූගත කල කැමරා සහ ජංගම දුරකතනවල පටිගතවී ඇති දර්ශන යොදා ගනිමින් තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් ඔහු කීය.

    මෙම සිදුවීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි සොයා මේ වන විට විමර්ශන පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ 35 දෙනෙක් රෝහල්ගතව ඇත. ඒ අය අතර මාධ්‍යවේදීන් තිදෙනෙක්, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙක්ද සිටින බව පොලීසිය කියයි.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img