තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ඇඟලුම් අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට

    මෙරට ඇඟලුම් අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට

    මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 487.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි.

    ජනවාරි මාසයේ ඇඟලුම් ආදායම ඉකුත් 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 8% කින් ඉහළ ගොස් ඇතැයි ද ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා කීය.

    මේ වසරේ ජනවාරි මාසයේ දී ලැබූ ඇඟලුම් අපනයන ආදායම ඉකුත් වසර 5 තුළ වාර්තා කළ ඉහළම ආදායම බවද ඔහු කීය.

    ගෙවී ගිය වසර දෙක තුළදී කොවිඩ් වසංගතය පැවතිය ද අභියෝග ජය ගනිමින් ඇඟලුම් කර්මාන්තය නැවත හිස ඔසවමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    මෙරට ඇඟලුම් කර්මාන්තය 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා වසරක ආදායම වැඩි කරගැනීමට අපේක්ෂා කරන බවද ලෝරන්ස් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img