තවත්
    මුල් පිටුවspecialරුසියාවට පැනවූ සම්බාධක ඇමරිකානු ඩොලරයට පාරා වළල්ලක් වෙයි

    රුසියාවට පැනවූ සම්බාධක ඇමරිකානු ඩොලරයට පාරා වළල්ලක් වෙයි

    රුසියාවට පනවා ඇති මූල්‍ය සම්බාධක හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ ආධිපත්‍යය හීන කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

    ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තවදුරටත් ඛණ්ඩනය වීමට හැකියාවක් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂිකා ගීතා ගොපිනාත් පෙන්වාදෙයි.

    “ඇමරිකානු ඩොලරය ඉදිරියටත් ජාත්‍යන්තර වශයෙන් බලවත් මුදල් ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙයි, නමුත් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුල යම් ඛණ්ඩනය වීම් ඇතිවීම් ඉඩ පවතී.” යනුවෙන්ද ඇය ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත් ප්‍රකාශ කර ඇත.

    ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තෙ මේවන විටත් ඇතැම් රටවල් විදේශ ගණුදෙනු කරණු ලබන මුදල් ඒකකය සම්බන්ධයෙන් එකඟතාවන්ට එළැඹෙමින් සිටින බවයි.

    මෙම සම්බාධක හේතවෙන් ඉදිරියේදී ඩිජිටල් මුදල් භාවිතයද ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img