තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන පිරිමහන්න අගමැතිත් පියවරක් ගනී

    ඉන්ධන පිරිමහන්න අගමැතිත් පියවරක් ගනී

    රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ අගමැතිවරයාට අයත් අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

    අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරන බව අගමැතිවරයා කියාසිටී.

    මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අගමැතිවරයා අවධාරණය කරයි.

    බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත.

    මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු යැයි ද අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img