තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිද්දායින් පස්සේ විදුලි කැපිල්ලේ අඩුවක්!

    අනිද්දායින් පස්සේ විදුලි කැපිල්ලේ අඩුවක්!

    අනිද්දා 02 දිනයේදී ඉන්දීය ණය ගිවිසුම හරහා ලැබෙන තවත් ඩීසල් නෞකාව පැමිණි පසු විදුලිය කප්පාදු කිරීමේ පැය ප්‍රමාණය අඩු කළ හැකි බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

    අද ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කළාය.

    මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇති බව ඇය කීවාය.

    මෙරට විදුලි පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය බලාගාර ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

    ඒ අනුව සොබාදනවී LNG විදුලි බලාගාරයෙන් 2023 වසරේදී මෙගා වොට් 200 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ප්‍රදේශවල විදුලිය ලැබෙන රැහැන්වලට සම්බන්ධව ඇති නිවාස ඇතුළු අනෙකුත් ස්ථානවල විදුලිය, භූමියට ගොස් විසන්ධි කිරීමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img