තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පබළුගලේ පුරාවස්තු සොයන්න කැලණි සරසවියත් එක්වෙයි

    පබළුගලේ පුරාවස්තු සොයන්න කැලණි සරසවියත් එක්වෙයි

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගිරිබාව “පබළුගල“ පුරාවිද්‍යා රක්ෂිත භූමියේ ඉදිරි පර්යේෂණ කටයුුතු සිදුකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලය අද (29) ගිවිසුමකට අත්සන් තැබිණි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු නිලධාරිහු කැලණිය විශ්වවිද්‍යාලයේ දී ගිවිසුමට අත්සන් තැබුහ.

    පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර 33ක් පමණ වූ රක්ෂිත භූමියේ පර්යේෂණ කටයුතු සිදුකර නව දැනුම සොයාගැනීම සහ දැනුම සමාජගත කර මෙම ස්ථානය තව දුරටත් ආරක්ෂා කිරීම, ස්ථානීය කෞතුකාගාරයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, පබළු නිෂ්පාදන හා ඒ ආශ්‍රීත කර්මාන්තයන් සිදු කළ පුරාණ තාක්ෂණය අධ්‍යයනය කර නැවත නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා ජනතාවට තාක්ෂණික දැනුම පවරාදීම, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම හා ඔවුන්ට මේ පිළිබඳව අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ ව්‍යාපාතියක් ආරම්භ කිරීම ආදිය මෙම ගිවිසුමෙහි අරමුණ වේ.

    ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ,අමාත්‍යංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්.ගුණතිලක,කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ, පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය ශ්‍රීයාණි හතුරුසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය හරින්ද්‍ර ලාල් නාමල්ගමුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශමින්ද පෝරඹගේ,නීති නිලධාරී උපේක්ෂා සෙවිරත්න, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී රේෂානි ධර්මවර්ධන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගීවූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img