තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රටටම ඕනෙ අල ළූනු බීජ දෙසැම්බරයට පෙර හදනවා"

    “රටටම ඕනෙ අල ළූනු බීජ දෙසැම්බරයට පෙර හදනවා”

    රටට අවශ්‍ය අල, ළූනු, මිරිස් බීජ සියල්ලම මේ වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ඒවා වගා කරන්නට හෙක්ටයාර 50,000ක් හඳුනාගෙන තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා තරුණ ව්‍යවසායකයන් සහ නවීන තාක්ෂණය යොදා ගෙන මේ සියලුම බිම් වගා කිරීමට  වැඩසටහන් සකස් කර තිබෙන බවද සඳහන් කළේය.

    රටේ කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි තවත් ඉඩම් සියයට දහයක් පමණ තිබුණත් ඒවායේ වගා කෙරෙන්නේ නැතැයි ද සිරිමාවෝ සමයේ රටට අවශ්‍ය මිරිස් 100%ක් මෙහිම නිෂ්පාදනය කළත් අද මිරිස් අවශ්‍යතාවයෙන්  100%ක් ආනයනය කරන බවත් ඒ බව කියන්නත් ලැජ්ජා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img