තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රික් වාහන නිසා ෂෙඩ්වලට වෙන්න යන දේ..

    බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රික් වාහන නිසා ෂෙඩ්වලට වෙන්න යන දේ..

    බ්‍රිතාන්‍යයේ විද්‍යුත් මෝටර් රථ ආරෝපණය කරන ස්ථාන සංඛ්‍යාව 2030 වන එරට ඉන්ධන පිරවුම්හළ සංඛ්‍යාව මෙන් පස්ගුණයක් වනු ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව 2030 වන විට බ්‍රිතාන්‍ය තුල විද්‍යුත් මෝටර් රථ අරෝපනය කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    බ්‍රිතාන්‍ය විසින් 2030 වසරෙන් පසු එරට තුල පෙට්‍රල් සහ ඩීසල්වලින් පමණක් බලගැන්වෙන වාහන අලෙවිය තහනම් කිරීමට ගත් පියවර සමගින් මෙම විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම වැඩසටහන යටතේ මේවන විටත් ලන්ඩන් නගරය තුල විද්‍යුත් මෝටර් රථ භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ.

    ඒ අනුව ඉදිරියේදී විද්‍යුත් අරෝපන මධ්‍යස්ථාන වලට තත්ත්වය වැඩි දියුණු කිරීමටත් රියැදුරන්ට එම මධ්‍යස්ථාන ඇති ස්ථාන පහසුවෙන් සොයා ගැනීමටත් ක්‍රමවේදයක් නිර්මාණය කළයුතු බවටන නව රෙගුලාසි සහ නීතිය වලින් අනිවාර්ය කර තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img