fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 8 වැනිදාට බයිසිකලෙන් ඔෆිස් යන්න

    ලබන 8 වැනිදාට බයිසිකලෙන් ඔෆිස් යන්න

    එළඹෙන අප්‍රියල් 08 වැනිදා රටවැසි සියළුම දෙනා තම නිවසේ සිට කාර්යාලය දක්වා පා පැදියෙන් ගමන් කිරීමට කටයුතු කර ලෙස ඉල්ලා සිටින්නේ යැයි “සුව දිවියට පා පැදිය” සංවිධානයේ සභාපති වෛද්‍ය අසේල අබේධීර මහතා සදහන් කරයි.

    අප්‍රියල් මස 07 වැනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් සුව දිවියට පා පැදිය සංවිධානයේ සභාපති වෛද්‍ය අසේල අබේධීර මහතා මෙසේද පැවසීය.

    මෙවර ලෝන සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ “අපේ ලෝකය – අපේ සෞඛ්‍යය” යන්නයි.

    මෙරට මෙන්ම ලොව පුරා වෙසෙන සෑම පුද්ගලයෙකුම මේ වන විට සෞඛ්‍ය ගැටළු රැසකට මූහුණ පා සිටිති.බොහෝ සෞඛ්‍ය ගැටළු වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අයහපත් මිනිස් ක්‍රියාකාරකම්ය.

    වායු දුෂණය හේතුවෙන් ශ්වසනා බාධ ඇති වනවා.එමෙන්ම අයහපත් ආහාර පුරුදු,අලස ජීවන රටාව,කාර්ය බහුල තාවය සහ මානසික ආතතිය බොහෝ රෝග වලට හේතු වී තිබේ.

    අධික ලෙස මෝටර් වාහන භාවිතා කිරීම හේතුවෙන් පොසිල ඉන්ධන දහනය වීම තුළින් දැඩි ලෙස වායු දුෂණයක් සිදුවී ඇත.

    එමෙන්ම කෙටි දුරටත් මෝටර් වාහන භාවිතා කිරීම හේතුවෙන් ව්‍යායාම අඩුවී බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරු වෙමින් සිටිනවා.ඊට අමතරව මුදල් නාස්තිය, අධික තදබදය, කාලය වැයවීම වැනි අයහපත් ඵල විපාක වලටද මේ වන විට ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

    මෙම තත්ත්වයෙන් මිදීමට නම් ජනතාව සක්‍රීය ජීවන රටාවකට හුරු විය යුතු වේ. එදිනෙදා අවශ්‍ය කරන කෙටි ගමන් බිමන් සදහා පොදු ප්‍රවාහන සේවා, මෝටර් රථ හෝ යතුරු පැදි භාවිතයෙන් ඉවත්වී පා පැදිය යොදැ ගැනීමට කටයුතු කළ යුතු ය.

    පා පැදිය භාවිතා කිරීම තුළින් සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වීම,ශරීර ශක්තිව වැඩි වීම,බෝ නොවන රෝගා බාධ වලින් ආරක්ෂා වීම,මුදල් ඉතිරි වීම, තමාගේ කාබන් පියසටහන අවම වීම,වාහන තදබදයක් ඇති නොවීම මෙන්ම කාලය ඉතිරි කර ගැනීමටද හැකියාව ලැබේ.

    බොහෝ රටවල් වල මේ වන විට මෝටර් රථ වෙනුවට පා පැදිය භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් සිටී.අප රටද කඩිනමින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.ඒ අනුව පා පැදි ධාවනය කිරීමට අවශ්‍ය මංතීරු වෙන් කිරීම,පා පැදි ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම,පා පැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාහන රියදුරන් දැණුවත් කිරීමද කඩිනමින් කළ යුතුව ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව “පා පැදියෙන් සේවයට” මැයෙන් වන ක්‍රියාකාරී දිනයක් ලෙස අප්‍රියල් 08 වැනිදා අප විසින් නම් කර ඇත.රජයේ සහ පුද්ගලික අංශ වල සේවය කරන සියළුම දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ අප්‍රියල් 08 වැනිදා පා පැදියෙන් තම සේවා ස්ථානයට පැමිණ මෙම කටයුත්තට සහාය ලබා දෙන ලෙසයි.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.