අවුරුදු උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් මිල තවදුරටත් ඉහල යනු ඇතැයි කුකුළු ගොවිපළ හිමිකරුවෝ පවසති.
මේ වන විට බිත්තරයක මිල රුපියල් 30-34 ක් වැනි මිල පරාසයක පවතින අතර උත්සව සමයේදී එය රුපියල් 40ක් දක්වා වැඩි වනු ඇතැයි ද ඔවුහු කියති.
කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750ත් 900ක් අතර මිල පරාසයක තිබෙන අතර කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවනු ඇතැයි ද කුකුළු ගොවිපළ හිමිකරුවෝ කියති.
ඩොලර් හිඟය හේතුවෙන් කුකුළු කෑම ආනයනය නතර වී ඇතැයි ද එම නිසා බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී ඇතැයි ද ඔවුහු පවසති.
මේ පිළිබඳ කළ විමසුමකදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ සත්ව ආහාර නිෂ්පාදනයට ගන්නා සෝයා, පුන්නක්කු, බඩඉරිඟු ආනයනය මෙිවන විට මුළුමනින්ම ඇණහිට තිබෙන බවය.
ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකරන බවද එම නිසා කුකුළු ගොවිපළ රැසක් දැනටමත් වසා දමා ඇති බවද ගුණසේකර මහතා කීය.