තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ සේවාවට ගිහින් අකරතැබ්බවූවන්ට ගිය වසරේ ලක්ෂ 90 ක වන්දි ගෙවලා

    විදේශ සේවාවට ගිහින් අකරතැබ්බවූවන්ට ගිය වසරේ ලක්ෂ 90 ක වන්දි ගෙවලා

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉකුත් 2021 වසරේ දී සිදුකළ විශේෂ විමර්ශනවලින් පසුව වින්දිතයින්ට රුපියල් ලක්ෂ 89 කට අධික මුදලක් වන්දි වශයෙන් ලබාදී තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2021 වසරේ දී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 451 කට එරෙහිව පැමිණිලි විභාග කළ අතර තවත් බලපත්‍රලාභී නොවන පුද්ගලයින් 92ට විරුද්ධව ලැබී තිබූ පැමිණිලි ද විභාග කළ බව එම කාර්යාංශයේ කියයි.

    මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඉකුත් වසරේ දී වැටලීම් 4ක් සිදු කර තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී තවත් පැමිණිලි 87ක විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img