තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ සිට විදුලිය කපන පැය ගණන වැඩිවෙයි - CEB

    ලබන සතියේ සිට විදුලිය කපන පැය ගණන වැඩිවෙයි – CEB

    නිරිතදිග මෝසමෙන් දිවයිනට වර්ෂාව ලැබෙන තෙක් දිනපතා වැඩි පැය ගණනක් විදුලිය කපා හැරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

    ලබන මැයි මාසයේ මාසය ආරම්භයේ දී නිරිතදිගත දිග මෝසම මෙන් තද වැසි අපේක්ෂා කළ හැකි බවද ඒ අනුව බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය පිරි ගිය විට ජල විදුලි ජනනය වැඩිපුර සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

    මේ වන විට දිනපතා පැය හයකට අධික කාලයක් විදුලිය කපා හැරෙන අතර ලබන සතියේ සිට විදුලිය කපා හැරෙන පැය ගණන තවත් වැඩි විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු නොවන හෙයින් විදුලි කප්පාදුවට පේනතෙක් මානයක විසඳුමක් නොවන බව ද ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img