fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාළු නැති අයට පුටින් ගෑස් පෙන්නයි

    යාළු නැති අයට පුටින් ගෑස් පෙන්නයි

    තමන්ට මිත්‍රශීලී නොවන රටවල් මිලදී ගන්නා ගෑස් සඳහා ගෙවීම් රුසියානු රූබල් මුදල් ඒකකයෙන් ගෙවන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා ඇත.

    ඒ අනුව මේවන විට යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියාකළ රටවලින් මෙලෙස ගෑස් සඳහා මුදල් රූබල් වලින් අයකරගැනීමට තීරණය කළ බව ජනාධිපති පුටින් අද දින පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

    රුසියාවේ ආර්ථික කටයුතුවලට යුරෝපා සංගමය විසින් සම්බාධක පැනවීම බලපෑමක් එල්ල කළ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් පුටින් විසින් මෙම තීරණය ගෙන ඇති බව බටහිර හිතවාදී මාධ්‍ය වාර්තා කරයි.

    ‟රුසියාව ඉදිරියටත් ස්භාවිත ගෑස් සැපයීම අඛණ්ඩව සිදුකරනවා. එහිදී එකඟ වු ප්‍රමාණයෙන් සහ එකඟ වූ මිලටම එම ගණුදෙනු සදුවෙනවා. එහිදී සිදුවෙන එකම වෙනස වන්නේ අදාල ගෙවීම් සිදුකර මුදලක් ඒකකය පමණයි. එම ගෙවීම් රූබල් වලින් ගෙවිය යුතු වෙනවා.” යනුවෙන් ජනාධිපති පුටින් එරට අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

    යුරෝපා කළාපයේ විශේෂයෙන්ම යුරෝපා සංගමයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40ක් රුසියාව විසින් සපයනු ලබන අතර දිනකට යුරෝ මිලියන 200ත් 800ත් අතර ප්‍රමාණයක ගෑස් මිලදී ගැනීමක් එහිදී සිදුවේ.

    ඒ අනුව මෙම ගෑස් වලට ගෙවන මුදල් ඒකකය වෙනස් කිරීම මගින් ඇතැම් යුරෝපා රටවල ගෑස් මිල සියයට 30කින් පමණ ඉහළ යාමට ඉඩ පවතින බවට බටහිර මාධ්‍ය අනතුරු අඟවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.