මෝදර උයන තට්ටු නිවාස සංකීර්ණයේ පස් වැනි මහලේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි කාන්තාවන් 06දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විට ඔවුන් පැකට් 1000කට වඩා සකස්කර තිබී ඇත. එම පැකට්වල තිබුණු හෙරොයින් ඇතුළු එම ස්ථානයේ තිබී හෙරොයින් ග්‍රෑම් 188ක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
දැඩි ආරක්ෂාවක් යොදවාගෙන මෙම මත්කුඩු පැකට් කිරීමේ ඡාවාරම කරගෙන යන්නේ තොටළඟ කුමාරි නැමැති මත්කුඩු ජාවාරම්කාරිය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. ඇය මත්කුඩු අල්ලන්නේ නොමැතිව ගෝලබාලයින් යොදාගෙන මහා පරිමාණයෙන් මත්කුඩු පැකට් කොළඹ නගරයේ බෙදාහරින බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවටගත් කාන්තාවන් අවුරුදු 37ත් 53ත් අතර වයස්වල පසුවන දෙමටගොඩ, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විවිධ වෙස්ගෙන තට්ටුනිවාස සංකීර්ණයට ඇතුළු වී එකවර මෙම නිවසට ඇතුළු වී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරු සහ සැකකාරියන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.